පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
248/ 2020
ගරු වේලු කුමාර් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) මහනුවර දිස්ත්‍රික්කයේ, දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ලෙවලන්ඩ් වත්තේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් “උදා ගම්මාන නිවාස වැඩසටහන” ආරම්භ කර ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) එකී වැඩසටහන යටතේ ඉහත වත්තේ ආරම්භ කර ඇති —
(i) එක් එක් උදාගම්මාන නිවාස වැඩසටහන් සංඛ්‍යාව;
(ii) වැඩසටහනට ඇතුළත් නිවාස සංඛ්‍යාව;
වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) එක් නිවසක් ඉදිකිරීම සඳහා එක් එක් නිවාසලාභියාට —
(i) ලබා දෙන බවට එකඟවු මුළු මුදල;
(ii) ලබාදෙන මුළු මුදලින් ණය මුදල;
(iii) ලබාදෙන මුළු මුදලින් ආධාර මුදල;
(iv) මෙතෙක් ලබාදී ඇති මුදල;
වෙන් වෙන් වශයෙන් කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) එක් එක් නිවාසලාභියාට අදාළ ඉතිරි මුදල ලබාදී, මෙම ව්‍යාපෘතිය නිමකිරීමට පියවර ගන්නේද යන්න වැඩිදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-09-23
අසන ලද්දේ
ගරු වේලු කුමාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන හා නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ලෙවලන්ඩ් වත්තේ "උදා ගම්මාන නිවාස වැඩසටහන": විස්තර
පිළිතුරු දුන් දිනය
2020-09-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉන්දික අනුරුද්ධ හේරත්, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks