පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
253/2020
ගරු වේලු කුමාර් මහතා,— වැවිලි අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) බෝහිල් වත්ත, මහනුවර දිස්ත්‍රික්කයේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් වතුයායක් බව එතුමා දන්නෙහිද?
(ආ) (i) 1992 දී රජය සතුව පැවති වතු ප්‍රතිසංස්කරණය කළ අවස්ථාවේදී මෙම වතුයායට අයත්ව තිබූ කොටස් (Divisions) සංඛ්‍යාව කොපමණද;
(ii) එම කොටස්වල නම් කවරේද;
(iii) 2015 වනවිට අතහැර දැමූ හෝ වසා දමා ඇති කොටස් තිබේද;
(iv) එසේ නම්, එම කොටස්වල ඉඩම් ප්‍රමාණය කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) 1992 සිට 2015 දක්වා කාලයේ දී මෙම වතුයායට අයත් ඉඩම්, කර්මාන්ත ශාලාව සහ වෙනත් ගොඩනැගිලි බාහිර පාර්ශ්වයට / පුද්ගලික අංශයට ලබා දුන්නේද;
(ii) එම විස්තර කවරේද;
(iii) අවසන් වරට සිදුකළ සංගණනයට අනුව වගා කළ ඉඩම් හා වගා නොකළ ඉඩම් ප්‍රමාණය කොපමණද;
යන්න වෙන් වෙන් වශයෙන් එතුමා දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-10-08
අසන ලද්දේ
ගරු වේලු කුමාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
2020-10-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රමේෂ් පතිරණ, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks