E   |     |  

 දිනය: 2020-11-03   පිළිතුර ලබා දී ඇත 

0414/ 2020 - ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මෙනවිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 414/2020 ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) වර්තමානයේදී, රැඳවුම් නිවාසවල (රිමාන්ඩ් නිවාසවල), සහතික කළ පාසල්වල, භාරගැනීමේ නිවාසවල සහ නිවර්තන නිවාසවල ආයතන ගතකර ඇති ළමයින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් ‍කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) ඉහත සඳහන් එක් එක් ආයතනයට අදාළව — (i) ළමයෙකු රැඳී සිටින සාමාන්‍ය කාල පරිච්ඡේදය; (ii) රජය විසින් එක් ළමයෙකු සඳහා වෙන් කරනු ලබන මුදල; (iii) අනුයුක්ත කර ඇති කාර්යමණ්ඩලවල කාණ්ඩ සහ මූලික සුදුසුකම්; (iv) කාර්යමණ්ඩල සාමාජිකයන් සංඛ්‍යාව සහ ළමයින් සංඛ්‍යාව අතර අනුපාතය; (v) ළමයින් නැවත ප්‍රජාව තුළ සමාජගත කිරීම සඳහා ගනු ලබන පියවර; (vi) මෙම ළමයින්ගේ සුභසිද්ධිය තහවුරු කිරීම සඳහා ගනු ලබන පියවර; (vii) මෙකී ආයතන අධීක්ෂණය කිරීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රියාපටිපාටි; කවරේද යන්නත් ද එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) 2015 සිට 2019 දක්වා කාල පරිච්ඡේදය තුළ — (i) ඉහත කී එක් එක් ආයතනයට ඇතුළු වූ සහ පිට වී ගිය; (ii) එකී ආයතනවලින් පිටව ගොස් නිසි වැටුප් සහිත රැකියාවන්හි නිරතව ප්‍රජාව තුළ සුරක්ෂිතව ජීවත්වන ළමයින් සංඛ්‍යාව; එතුමා වැඩිදුරටත් මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-03

අසන ලද්දේ

ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මෙනවිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

රැඳවුම් නිවාසවල සිටින ළමයින්: විස්තර

පිළිතුරු දුන් දිනය

2020-11-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජී. එල්. පීරිස්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks