E   |     |  

 දිනය: 2020-11-05   පිළිතුර ලබා දී ඇත 

0415/ 2020 - ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මෙනවිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 415/2020

      ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ළමා හා තරුණ තැනැත්තන් පිළිබඳ ආඥාපනතට අදාළව තීන්දු ලබාදීමට නියමිත නඩු සංඛ්‍යාව කොපමණද; 

                   (ii)       බාල අපරාධ සම්බන්ධ වැරදිකරුවන්ට සහ ළමා ආරක්ෂාවට අදාළ නඩු සංඛ්‍යාව කොපමණද;

      (iii) පැමිණිල්ල සිදුකළ අවස්ථාවේ සිට නඩුව විසඳා අවසන් වීම දක්වා ගතවන සාමාන්‍ය කාල සීමාව කොපමණද;

      (iv) ප්‍රමාදයන් සඳහා හේතු, ප්‍රමාදයන් සිදුවන්නේ කුමන අවස්ථාවන්වලදී ද සහ නඩු ඇසීම වේගවත් කිරීමට ගෙන ඇති පියවර කවරේද;

      (v) ළමයින් උසාවි වෙත ප්‍රවාහනය කිරීමට සකසා ඇති වැඩපිළිවෙළ කුමක්ද;

      (vi) උසාවිය තුළදී ළමයින්ගේ ආරක්ෂාව සහ යහපත සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) 2015 සිට 2020 දක්වා කාලය තුළ බාල අපරාධ සම්බන්ධ වැරදිකරුවන් සම්බන්ධයෙන්;—

      (i) අවසන් කළ නඩු ප්‍රමාණය කොපමණද;

      (ii) පැමිණිල්ල වාර්තා වූ අවස්ථාවේ සිට චෝදනා ගොනුකිරීම සහ චෝදනා ඉදිරිපත් කර නඩුව අවසානය දක්වා ගතවන කාල සීමාව කොපමණද;

      (iii) චෝදනාවලට වැරදිකරුවන් වූ, නිදොස් කොට නිදහස් කරනු ලැබූ සහ මුදාහරිනු ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2020-11-05

අසන ලද්දේ

ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මෙනවිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

බාල අපරාධ සම්බන්ධ නඩු: විස්තර

පිළිතුරු දුන් දිනය

2021-01-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජී. එල්. පීරිස්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks