E   |     |  

 දිනය: 2020-10-22   පිළිතුර ලබා දී ඇත 

0482/ 2020 - ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 482/2020

      ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— කම්කරු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැඩි මූල්‍ය අර්බුදයකට ලක් වී තිබෙන බවත්;

                   (ii)      ඒ හේතුවෙන් සේවක වැටුප් ගෙවීමට පවා දුෂ්කර වී ඇති බවත්;‍

                 එතුමා දන්නෙහිද?

      (ආ) (i) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මේ වනවිට සේවයේ නියුතු මුළු සේවක සංඛ්‍යාව කොපමණද;

      (ii) එම සේවකයන්ට අඩ වැටුප් සමඟ මාස තුනක් නිවාඩු ලබා දීමට තීරණය කර තිබේද;

      (iii) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මූල්‍යමය වශයෙන් ශක්තිමත් කිරීමට අමාත්‍යාංශය ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2020-10-22

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

කම්කරු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය: මූල්‍ය අර්බුදය

පිළිතුරු දුන් දිනය

2020-12-01

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks