E   |     |  

 දිනය: 2020-11-25   පිළිතුර ලබා දී ඇත 

0492/ 2020 - ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 492/’20 ගරු නිරෝෂන් පෙරේරා මහතා,— වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) පුත්තලම දිස්ත්‍රික්කයේ, වනාතවිල්ලුව, එළුවන්කුලම ප්‍රදේශයේ, වනාන්තරයක් ගිනි තබා එළිපෙහෙළි කර විනාශ කර ඇති බවට මාධ්‍ය මඟින් වාර්තා වූ බව එතුමා දන්නෙහිද? (ආ) (i) එම විනාශය සිදු කරන ලද භූමියේ ප්‍රමාණය කොපමණද; (ii) එම ඉඩම්වල අයිතිය රජය සතුව පවතින්නේද; (iii) නොඑසේ නම්, එම ඉඩම්වල අයිතිය සතු පාර්ශ්වයන් කවරේද; (iv) ඉහත වනාන්තරය විනාශ කිරීමට කටයුතු කළ පුද්ගලයන් හඳුනාගෙන තිබේද; (v) එම පුද්ගලයන්ට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-25

අසන ලද්දේ

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

2020-11-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සී. බී. රත්නායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks