E   |     |  

 දිනය: 2020-11-03   පිළිතුර ලබා දී ඇත 

0507/ 2020 - ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 507/2020 ගරු ජගත් කුමාර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) පසුගිය රජය විසින් දේශපාලන පදනමින් සමෘද්ධි සහනාධාර ලබා දුන් බව පිළිගන්නේද; (ii) ඒ හේතුවෙන්, සුදුසුකම් ලැබූ විශාල පිරිසකට එම සහනාධාරය නොලැබුණු බව පිළිගන්නේද; (iii) “සෞභාග්‍යයෙ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව සමෘද්ධි සහනාධාර නොලැබුණු අයට ඒවා ලබා දීමට කටයුතු කරන්නේද; (iv) එසේ නම්, එම දින වකවානු කවරේද; (v) සමෘද්ධි සහනාධාරවල වටිනාකම වැඩි කිරීමට පියවර ගන්නේද; (vi) එසේ නම්, එම දිනය කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) (i) සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කර වර්ෂ 25කට ආසන්න වුවද, සමෘද්ධි සංවර්ධන නිලධාරින්ට කිසිදු උසස්වීමක් ලැබී නොමැති බව පිළිගන්නේද? (ii) එම උසස්වීම් ලබා දීමට කටයුතු කරන්නේද; (iii) එසේ නම්, එම දිනය කවරේද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) (i) වර්තමාන රජය විසින් සමෘද්ධි ව්‍යාපාරයේ හා සමෘද්ධි නිලධාරින්ගේ ගැටලු විසඳීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකා කිහිපයක් ඉදිරිපත් කර ඇති බව දන්නේද? (ii) එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකා මගින් ඉදිරිපත් කළ ගැටලු; (iii) මේ වනවිට ඒ පිළිබඳව ගෙන ඇති පියවර; කවරේද යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-03

අසන ලද්දේ

ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සමෘද්ධි ව්‍යාපාරයේ ගැටලු: විසඳුම්

පිළිතුරු දුන් දිනය

2020-11-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශෙහාන් සේමසිංහ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks