E   |     |  

 දිනය: 2020-11-18   පිළිතුර ලබා දී ඇත 

0516/ 2020 - ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 516/2020 ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) බිබිල, මොණරාගල පාර, 1 කණුව, මඩමේවත්ත යන ලිපිනයේ පදිංචි පී.වී. වසන්ත රාණි මහත්මිය, ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් බිබිල රජයේ ගොවිපොළේ, පළාත් කෘෂිකර්ම ආයතනයේ කම්කරු තනතුරක 2017 වර්ෂයේ නොවැම්බර් සිට 2019 වර්ෂයේ දෙසැම්බර් දක්වා සේවය කර ඇති බවත්; (ii) ඉහත සඳහන් සේවා කාලය තුළ ඇය අඛණ්ඩව දින 180ක් සේවය කර ඇති බවත්; (iii) රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 29/2019 ට අනුව ඇය ස්ථිර සේවයට හිමිකම් ලබා ඇති බවත්; (iv) නමුත්, 2020 වර්ෂයේ ජනවාරි සිට ඇයගේ සේවය අත්හිටුවා ඇති බවත්; එතුමා දන්නෙහිද? (ආ) සිය රැකියාව අහිමි වීම නිසා ඉතා අසරණභාවයට පත්ව සිටින වසන්ත රාණී මහත්මිය නැවතත් සේවයේ පිහිටුවීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-18

අසන ලද්දේ

ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පී.වී. වසන්ත රාණි මහත්මිය: නැවත සේවයේ පිහිටුවීම

පිළිතුරු දුන් දිනය

2020-12-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්දානන්ද අලුත්ගමගේ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks