E   |     |  

 දිනය: 2020-11-06   පිළිතුර ලබා දී ඇත 

0518/ 2020 - ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 518/2020 ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— ධීවර අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) වර්ෂ 1973 දී පමණ ආරම්භ කර දැනට වසර තුනකට අධික කාලයක සිට අක්‍රියව පවතින ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ මඩකලපුව දිස්ත්‍රික් කාර්යාලයට යාබදව පිහිටි අයිස් කර්මාන්ත ශාලාව නැවත ප්‍රතිසංස්කරණය කර ක්‍රියාත්මක කළ යුතු බවත්; (ii) එමගින් ධීවර බෝට්ටු සහ මාළු දැල් උපයෝගී කර ගනිමින් ධීවර කර්මාන්තයේ නිරත වන සහ ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයේ නිරත වන දේශීය ධීවරයන්ට සෙත සැලසෙන අතර ඔවුන්ගේ ජීවනෝපායද ඉහළ නැංවීමට අවස්ථාව උදාවන බවත්; (iii) එහි පවතින ගබඩා පහසුකම් නිසා ශික්ෂණ රෝහලට සහ වෙනත් විවිධ ආයතනවලට අවශ්‍ය මුහුදු ආහාර ගබඩා කර බෙදාහැරීම සිදු කළ හැකි බවත්; එතුමා දන්නෙහිද? (ආ) ඉහත අයිස් කර්මාන්තශාලාව ප්‍රතිසංස්කරණය කර නැවත ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-06

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මඩකළපුව අයිස් කර්මාන්තශාලාව: ප්‍රතිසංස්කරණය

පිළිතුරු දුන් දිනය

2020-12-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩග්ලස් දේවානන්දා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks