E   |     |  

 දිනය: 2020-11-20   පිළිතුර ලබා දී ඇත 

0542/ 2020 - ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 542/2020 ගරු සමන්ප්‍රිය හේරත් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා විසින් ආරම්භ කරන ලද මධ්‍ය මහා විද්‍යාල සංඛ්‍යාව ‍කොපමණද; (ii) එම මධ්‍ය මහා විද්‍යාලවල 6 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගනු ලබන ක්‍රමවේදය කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා විසින් ආරම්භ කරන ලද මධ්‍ය මහා විද්‍යාලයක් කුලියාපිටිය මැතිවරණ බලප්‍රදේශයේ පිහිටුවා ඇති බව එතුමා දන්නෙහිද? (ඇ) (i) වර්ෂ 2015 සිට 2018 දක්වා ඉහත (ආ) හි සඳහන් විද්‍යාලයේ 6 ශ්‍රේණිය සඳහා ඇතුළත් කර ගත් සිසුන් සංඛ්‍යාව කොපමණද; (ii) ඇතුළත් කර ගන්නා ලද ඉහත එක් එක් සිසුවා 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලබාගත් ලකුණු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද; (iii) එම විද්‍යාලයට ශිෂ්‍යත්ව කඩඉම් ලකුණට පහළ ලකුණු ලැබූ සිසුන් කොපමණ සංඛ්‍යාවක් ඇතුළත් කර තිබේද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-20

අසන ලද්දේ

ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

2020-12-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජී. එල්. පීරිස්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks