E   |     |  

 දිනය: 2021-01-19   පිළිතුර ලබා දී ඇත 

0545/ 2021 - ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 545/2020 ගරු චන්දිම වීරක්කොඩි මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) ගාල්ල, උණවටුන ප්‍රදේශයේ පිහිටා ඇති රූමස්සල කන්ද ප්‍රදේශය පරිසර සංවේදී කලාපයක් බවට පත් කර ඇති බව එතුමා දන්නෙහිද? (ආ) (i) නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම තීරණය ගැනීමේදී එම කලාපයේ ඉදිකිරීම් කටයුතු සිදු නොකළ යුතු, රජයට අයත් ඉඩම් කොටස් නම් කර ඇති අතර එවැනි නම් කිරීමක් කළ හැකිද; (ii) මෙම තීරණය හේතුවෙන්, මේ වනවිට අපහසුතාවයට පත්වී සිටින පෞද්ගලික ඉඩම් හිමියන්ට සහනයක් ලබා දෙන්නේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2021-01-19

අසන ලද්දේ

ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන හා නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

රූමස්සල පරිසර සංවේදී කලාපය: පෞද්ගලික ඉඩම් හිමියන්

පිළිතුරු දුන් දිනය

2021-01-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නාලක ගොඩහේවා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks