බලන්න

E   |     |  

 දිනය: 2020-12-01   පිළිතුර ලබා දී ඇත 

0548/ 2020 - ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 548/2020 ගරු චන්දිම වීරක්කොඩි මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) ගාල්ල, බෙලිගහ හන්දියේ ඉදිකරමින් පවතින නව අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු මන්දගාමීව සිදුවන බව එතුමා දන්නෙහිද? (ආ) (i) එම අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේද; (ii) ඒ සඳහා ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන මේ වනවිට පවතින්නේද; (iii) නොඑසේ නම්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපුරා ගන්නා මූලාශ්‍ර කවරේද; (iv) එසේ මූල්‍ය ප්‍රතිපාදන සපුරාගත් පසු එහි වැඩකටයුතු කඩිනම් කිරීමට ගනු ලබන පියවර කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-12-01

අසන ලද්දේ

ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගාල්ල, නව අධිකරණ සංකීර්ණයේ ඉදි කිරීම්: කඩිනම් කිරීම

පිළිතුරු දුන් දිනය

2020-12-01

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks