E   |     |  

 දිනය: 2021-01-20   පිළිතුර ලබා දී ඇත 

0558/ 2021 - ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 558/2020 ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දේවහූව ග්‍රාම නිලධාරි වසම තුළ පිහිටි ගල්බොක්කයාය නම් ගමෙහි, ගලේවෙල-කලා වැව පාරේ, බුලන් වැව ගල් කොරියට හා ප්‍රධාන මාර්ගයට යාබදව ඇති භූමිය, රක්ෂිතයක් බැවින් එය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වන බවත්; (ii) 2020.09.22 වන දින අලුයම් කාලයේදී සංවිධානාත්මක පිරිසක් විසින් ඉහත භූමිය තුළ ස්ථිර ගොඩනැගිල්ලක් හා තාවකාලික ඉදිකිරීම් කීපයක් සිදුකර ඇති බවත්; එතුමා දන්නෙහිද? (ආ) (i) මෙම ඉදිකිරීම් සඳහා අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමතිය ලැබී තිබේද; (ii) නොඑසේ නම්, වෙනත් වගකිව යුතු රාජ්‍ය නිලධාරියකු හෝ ආයතනයක අනුමතිය ලැබී තිබේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) (i) නොඑසේ නම්, මෙම ඉදිකිරීම් ඉවත් කර රක්ෂිතය ආරක්ෂා කර ගැනීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නේද; (ii) එසේ නම්, ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2021-01-20

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගල්බොක්කයාය රක්ෂිතයේ අනවසර ඉදිකිරීම්: ඉවත් කිරීම

පිළිතුරු දුන් දිනය

2021-04-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සී. බී. රත්නායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks