E   |     |  

 දිනය: 2020-12-10   පිළිතුර ලබා දී ඇත 

0567/ 2020 - ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 567/2020 ඩබ්ලිව්.එච්.එම්. ධර්මසේන මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (අ) මිනිස් සමේ පැහැය වෙනස් කරන / පැහැපත් කිරීමේ‍ (සුදු පැහැගැන්වීමේ) ඖෂධ, පෙති, එන්නත් හා ආලේපන විශාල වශයෙන් ශ්‍රී ලංකාව තුළ අලෙවි කරමින් පවතින බව එතුමිය දන්නෙහිද? (ආ) (i) එසේ අලෙවි කරන ඖෂධ අතරින් ආනයනය කරනු ලබන ඖෂධ සම්බන්ධයෙන් නියාමනය සිදු කරන ආයතනය; (ii) එම නිගමනයට අදාළ නීතිය; කවරේද යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) (i) එම ඖෂධ නියම කිරීම සිදු කරන බොහෝ දෙනෙකුට වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් නොමැති බව පිළිගන්නේද; (ii) එම ඖෂධ භාවිතයෙන් කෙටි කාලීනව විවිධ ආසාත්මිකතා ඇති වන බව වාර්තා වී තිබේද; (iii) ඖෂධ භාවිතයේ ප්‍රතිඵලයක් ලෙස දිගුකාලීනව භයානක රෝගී තත්ත්වයන් ඇතිවිය හැකි බවට පළ වන වෛද්‍ය මතයන් පිළිබඳව අවධානය යොමු කර තිබේද; (iv) එසේ නම්, එහිදී අනාවරණය වූ කරුණු කවරේද; යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) (i) එම ඖෂධ භාවිතයෙන් අහිතකර ප්‍රතිඵල ජනිත වේ නම්, එය වැළැක්විය යුතු බව පිළිගන්නේද; (ii) එසේ නම්, ඒ පිළිබඳව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද; යන්න තවදුරටත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද? (ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-12-10

අසන ලද්දේ

ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සමේ පැහැය වෙනස් කරන ඖෂධ: නියාමනය

පිළිතුරු දුන් දිනය

2021-02-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු චන්න ජයසුමන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks