E   |     |  

 දිනය: 2020-11-19   පිළිතුර ලබා දී ඇත 

0591/ 2020 - ගරු නීතිඥ එස්. එම්. එම්. මුෂාරෆ් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 591/2020 ගරු එස්.එම්.එම්. මුෂාරෆ් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) ශ්‍රී ලංකාවේ පවතින එකම උප අධ්‍යාපන කලාපය, පොතුවිල් උප අධ්‍යාපන කලාපය බව එතුමා දන්නෙහිද? (ආ) (i) එම කලාප කාර්යාලයේ, සේවයේ නියුතු ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරින් දෙදෙනාට පරිපාලන වගකීම් නොපැවරීමට හේතු කවරේද; (ii) විධිමත්ව බලය පවරන ලද උප අධ්‍යාපන කලාපයක් වුවත්, මෙලෙස නිලධාරින් නොසලකා හැරීමට ලක්වීම පිළිගත හැකිද; (iii) ‍මෙම තත්ත්වය හේතුවෙන්, සුළු රාජකාරියක් සඳහා වුවද පොතුවිල් කොට්ඨාසයේ ගුරුවරුන්ට අක්කරපත්තුව කලාප කාර්යාලයට යාමට සිදු වී ඇති බැවින්, එම ගැටලුව විසදීමට ගනු ලබන පියවර කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) (i) පොතුවිල්හි සියලු පාසල් ඒකාබද්ධ කර පොතුවිල් ප්‍රදේශයට වෙනම අධ්‍යයන කලාපයක් පිහිටුවීමට පියවර ගන්නේද; (ii) එසේ නම්, එය පිහිටවනු ලබන දිනය කවරේද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) විවිධ ජන වර්ග එක්සත් කිරීම රජයේ අරමුණ වුවද, මුස්ලිම් පාසල් අක්කරපත්තුව කලාපය සමඟත්, දෙමළ පාසල් තිරුක්කෝවිල් කලාපය සමඟත්, සිංහල පාසල් අම්පාර කලාපය සමඟත් වෙන් වෙන් ව ඒකාබද්ධ කර ඇති බවත් එතුමා දන්නෙහිද? (ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-19

අසන ලද්දේ

ගරු නීතිඥ එස්. එම්. එම්. මුෂාරෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks