පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
757/2020
ගරු අමරකීර්ති අතුකෝරළ මහතා,— වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසිමට,—
(අ) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ —
(i) වන අලින්ගේ සංචරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර තිබේද;
(ii) වන අලින් වැඩි වශයෙන් සංචරණය කරන ජාතික වනෝද්‍යාන හා රක්ෂිත වනාන්තර වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) අලි කොරිඩෝ තිබේ නම්, ඒවා පිහිටි ස්ථාන කවරේද;
(iv) අලි කොරිඩෝ හරස්වන ආකාරයට ගම්මාන හෝ ජනතාව පදිංචි ස්ථාන තිබේ නම්, ඒවා කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) වර්ෂ 2015 සිට 2020 සැප්තැම්බර් දක්වා දිස්ත්‍රික්කයේ අලි මිනිස් ගැටුමෙන් —
(i) මියගිය පුද්ගලයන් හා වන අලින් සංඛ්‍යාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව;
(ii) හානි වී ඇති නිවාස සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව;
(iii) මියගිය හා දේපළ අහිමිවූවන්ට ගෙවා ඇති වන්දි මුදල එක් එක් පුද්ගලයා අනුව;
වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) දිස්ත්‍රික්කයේ අලි-මිනිස් ගැටුම පාලනය කිරීමට ගත් නව ක්‍රියාමාර්ග කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-01-07
අසන ලද්දේ
ගරු අමරකීර්ති අතුකෝරළ මහතා, පා.ම.
අමාත්‍යාංශය
වනජීවී හා වනසම්පත් සංරක්ෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks