E   |     |  

 දිනය: 2020-11-18   පිළිතුර ලබා දී ඇත 

0759/ 2020 - ගරු (ආචාර්ය) සුරේන් රාඝවන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 759/2020 ගරු (ආචාර්ය) සුරේන් රාඝවන් මහතා,— වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) මේ වනවිට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති උතුරු පළාත තුළ පිහිටි වනාන්තරවලට අයත් භූමි ප්‍රමාණය කොපමණද; (ii) වර්ෂ 1982 වනවිට ප්‍රකාශ කර තිබූ වනාන්තරවලට අයත් භූමි ප්‍රමාණය කොපමණද; (iii) එම භූමි ප්‍රමාණයන් අතර වෙනසක් පවතින්නේ නම්, එම වෙනසට හේතු කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) (i) තෝරගත් ප්‍රදේශයක් රක්ෂිත වනාන්තරයක් ලෙස ගැසට් කරනු ලබන ක්‍රමවේදය කවරේද; (ii) 2009 වර්ෂයේ සිට මේ වනතෙක් උතුරු පළාතට අදාළව අලුතෙන් වන ආරක්ෂණය සඳහා නිකුත් කළ ගැසට් පත්‍ර සංඛ්‍යාව කොපමණද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-18

අසන ලද්දේ

ගරු (ආචාර්ය) සුරේන් රාඝවන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

උතුරු පළාතේ වනාන්තර භූමි: විස්තර

පිළිතුරු දුන් දිනය

2020-12-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සී. බී. රත්නායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks