E   |     |  

 දිනය: 2021-01-06   පිළිතුර ලබා දී ඇත 

0761/ 2021 - ගරු වඩිවේල් සුරේෂ් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 761/2020

      ගරු  වඩිවේල් සුරේෂ් මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)       බදුල්ල ඩිපෝව  මඟින් බදුල්ල සිට දෙමෝදර හරහා වේවැල්හින්න දක්වා,                 බදුල්ල සිට මඩුල්සිම, කුරුවිගොල්ල හරහා කොකාගල දක්වා, බදුල්ල සිට                රොකතැන්න දක්වා සහ බදුල්ල සිට රොසට් දක්වා ධාවනය කරන ලද                   බස්රථ මේ වනවිට ධාවනය නවතා ඇති බව;

      (ii) මේ හේතුවෙන් වතු ආශ්‍රිත ප්‍රදේශවල පාසල් ළමුන් සහ විවිධ අවශ්‍යතා සඳහා බදුල්ල නගරයට පැමි‍ණෙන ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) එම බස්රථ සේවාවන් නැවත ධාවනය කරවීම සඳහා ගනු ලබන පියවර කවරේද;

      (ii) එම සේවාවන් නැවත ආරම්භ කිරීමට අපේක්ෂිත දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2021-01-06

අසන ලද්දේ

ගරු වඩිවේල් සුරේෂ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

බදුල්ල ඩිපෝව නවතා ඇති බස් සේවා: යළි ආරම්භ කිරීම

පිළිතුරු දුන් දිනය

2021-01-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගාමිණී ලොකුගේ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks