E   |     |  

 දිනය: 2021-01-07   පිළිතුර ලබා දී ඇත 

0762/ 2021 - ගරු වඩිවේල් සුරේෂ් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 762/2020

      ගරු  වඩිවේල් සුරේෂ් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

      (අ)            (i)      බදුල්ල දිස්ත්‍රික්කය තුළ පිහිටි වතු ආශ්‍රිත රෝහල් සංඛ්‍යාව;

                   (ii)      ඒ අතරින් රජයට පවරාගෙන සංවර්ධනය කර ඇති වතු රෝහල් සංඛ්‍යාව;

                 (iii)      මේ වනවිට ක්‍රියාත්මක  තත්ත්වයේ පවතින  වතු රෝහල් සංඛ්‍යාව;

      (iv) මේ වනවිට ක්‍රියාත්මක තත්ත්වයේ නොපවතින වතු රෝහල් සංඛ්‍යාව;

      කොපමණද යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) මේ වනවිට රජයට පවරාගෙන ඇති වතු රෝහල් සඳහා  වෛද්‍යවරු, සෙසු  කාර්ය මණ්ඩල සහ වෛද්‍ය උපකරණ ඇතුළු පහසුකම් සපයා තිබේද;

       

      (ii) මෙම වතු රෝහල් සඳහා ගිලන් රථ ලබා දීමට  කටයුතු කරන්නේද‍;

      යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) (i) මේ වනවිට ක්‍රියාත්මක තත්ත්වයේ පවතින හා නොපවතින වතු රෝහල් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      (ii) සියලුම වතු රෝහල් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්න තවදුරටත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2021-01-07

අසන ලද්දේ

ගරු වඩිවේල් සුරේෂ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

බදුල්ල දිස්ත්‍රික්කයේ වතු රෝහල්: සංවර්ධනය

පිළිතුරු දුන් දිනය

2021-01-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks