E   |     |  

 දිනය: 2020-12-04   පිළිතුර ලබා දී ඇත 

0776/ 2020 - ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 776/2020 ගරු සමන්ප්‍රිය හේරත් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) කුලියාපිටිය මැතිවරණ කොට්ඨාසයේ පිහිටි ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් නාරංගල්ල වතුයායට අයත් ඉඩමක පසුගිය රජය සමයේ තාක්ෂණ පීඨයක් ආරම්භ කිරීමට මුල්ගල තැබූ බවත්; (ii) මෙම තාක්ෂණ පීඨය ආරම්භ කිරීමට මුල්ගල තැබූ ඉඩම මේ වනවිට වල් බිහි වී ඇති බවත්; එතුමා දන්නෙහිද? (ආ) (i) එම තාක්ෂණ පීඨය ආරම්භ කිරීමේ ප්‍රධාන අරමුණ කවරේද; (ii) තාක්ෂණ පීඨය මේ වනතෙක් ආරම්භ නොකිරීමට හේතු කවරේද; (iii) එම මුල්ගල තැබීමේ උත්සවය සඳහා වැයකළ මුදල කොපමණද; (iv) මේ සඳහා වෙන්කළ ඉඩම මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශයට පවරා ගැනීමක් සිදු කර ඇත්ද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-12-04

අසන ලද්දේ

ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

2020-12-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජී. එල්. පීරිස්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks