E   |     |  

 දිනය: 2020-12-05   පිළිතුර ලබා දී ඇත 

0782/ 2020 - ගරු කාදර් මස්තාන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 782/2020 ගරු කේ. කාදර් මස්තාන් මහතා,— වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) වර්ෂ 2011 සිට 2013 දක්වා වූ කාලය තුළ මුසලි ප්‍රදේශයේ පිහිටි කුඩා වැව් ප්‍රතිසංස්කරණය කළ බව එතුමා දන්නේද; (ii) එසේ නම්, එම කාලය තුළ ප්‍රතිසංස්කරණය කළ වැව් සංඛ්‍යාව කොපමණද; (iii) එම වැව්වල නම් කවරේද; (iv) එම වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ආයෝජනය කළ මුළු මුදල කොපමණද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) (i) වර්ෂ 2014 සිට 2015 දක්වා වූ කාලය තුළ ප්‍රතිසංස්කරණය කළ මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි වැව් සංඛ්‍යාව කොපමණද; (ii) එම වැව්වල නම් කවරේද; (iii) එම වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ආයෝජනය කළ මුළු මුදල කොපමණද; (iv) ඉහත කාලය තුළ මෙම වැව් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ ආයතනය කවරේද; (v) එම ආයතනය තෝරා ගනු ලැබූ ක්‍රමවේදය කවරේද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-12-05

අසන ලද්දේ

ගරු කාදර් මස්තාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මුසලි ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණය කළ වැව්: විස්තර

පිළිතුරු දුන් දිනය

2020-12-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අනුරාධ ජයරත්න, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks