පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
802/2020
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කිළිනොච්චි දිස්ත්‍රික්කයේ කරච්චි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කිළි/ඉරාමනාදපුරම් මහා විද්‍යාලය නමින් පාසලක් පිහිටා ඇති බවත්;
(ii) එම පාසල සඳහා නව ශ්‍රවණාගාරයක් ඉදිකිරීමට 2018 වර්ෂයේදී මුල්ගල තැබූ බවත්;
(iii) වෙන් කරන ලද ප්‍රතිපාදන, මුදා නොහැරීම හේතුවෙන් ශ්‍රවණාගාරය ඉදිකිරීම මේ වනවිට නවතා ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මෙම ශ්‍රවණාගාරය ඉදිකිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කරන ලද අමාත්‍යාංශය කවරේද;
(ii) එම ප්‍රතිපාදන, මුදා නොහැරීමට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ඉහත සඳහන් ශ්‍රවණාගාරය සම්පූර්ණයෙන්ම ඉදිකර අවසන් කිරීම සඳහා අවශ්‍ය මුදල කොපමණද;
(ii) ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කරනු ලබන දිනය කවරේද;
(iii) එහි ඉදිකිරීම් සම්පූර්ණ කර එය සිසුන්ගේ භාවිතය සඳහා ලබා දීමට ගත වන කාලය කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-11-16
අසන ලද්දේ
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks