E   |     |  

 දිනය: 2020-12-10   පිළිතුර ලබා දී ඇත 

0880/ 2020 - ගරු (ආචාර්ය) සුරේන් රාඝවන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 880/2020 ගරු (ආචාර්ය) සුරේන් රාඝවන් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) “ගම්පෙරළිය” වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබී තිබුනේද; (ii) එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අරමුණු කවරේද; (iii) එම වැඩසටහන ක්‍රියාත්මක කරන ලද කාල පරිච්ඡේදය කවරේද; (iv) එම වැඩසටහන සඳහා වෙන් කරන ලද මුදල කොපමණද; (v) එම වැඩසටහන මගින් ක්‍රියාත්මක කරන ලද මුළු ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද; (vi) එම එක් එක් ව්‍යාපෘතිය සඳහා වැය කරන ලද මුදල කොපමණද; (vii) “ගම්පෙරළිය” වැඩසටහන ක්‍රියාත්මක කළ කාලසීමාව තුළදී එම වැඩසටහනට අදාළව, අදාළ විෂය භාර අමාත්‍යවරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය සඳහා දරන ලද මුළු වියදම කොපමණද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) “ගම්පෙරළිය” වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ලද එක් එක් ව්‍යාපෘතිය මඟින් අපේක්ෂා කරන ලද අරමුණු ඉටු වූ බවට අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහතික විය හැකිද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-12-10

අසන ලද්දේ

ගරු (ආචාර්ය) සුරේන් රාඝවන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

"ගම්පෙරළිය" වැඩසටහන: විස්තර

පිළිතුරු දුන් දිනය

2020-12-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අජිත් නිවාඩ් කබ්රාල්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks