E   |     |  

 දිනය: 2021-01-08   පිළිතුර ලබා දී ඇත 

0881/ 2021 - ගරු (ආචාර්ය) සුරේන් රාඝවන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 881/2020

      ගරු (ආචාර්ය) සුරේන් රාඝවන් මහතා,— ධීවර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      ශ්‍රී ලංකාවේ වාර්ෂික මත්ස්‍ය අවශ්‍යතාවය කොපමණද;

                   (ii)      එම අවශ්‍යතාවයෙන් දේශීයව නිෂ්පාදනය කරන ප්‍රමාණය සහ ආනයනය කරන ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

                 (iii)      1982 වර්ෂයේදී උතුරු සහ නැගෙනහිර පළාත්වල මත්ස්‍ය නිෂ්පාදනය,           ශ්‍රී ලංකාවේ සමස්ත මත්ස්‍ය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස කොපමණද;

      (iv) උතුරු සහ නැගෙනහිර පළාත්වල පැවති යුදමය තත්ත්වය අවසන්ව මේ වනවිට අවුරුදු 11ක් ගත වුවද, 1982 වර්ෂයේදී එම පළාත්වලින් ලද මත්ස්‍ය අස්වැන්න මේ වනවිට නොලැබීමට හේතු කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) උතුරු පළාතේ හඳුනාගත් ප්‍රදේශවල මේ වනතෙක් ධීවර වරායන් ඉදිනොකිරීමට හේතු කවරේද;

      (ii) පසුගිය වර්ෂ 15ක කාලය තුළ අනෙකුත් පළාත්වල ඉදිකරන ලද ධීවර වරායන් සංඛ්‍යාව කොපමණද;

      (iii) පේදුරුතුඩුව ධීවර වරාය ඉදිකිරීමේ ප්‍රගතිය කවරේද;

      (iv) මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබුණු ආධාරවල ස්වභාවය සහ එම ආධාර මේ වනවිට නවතා දැමීමට හේතු කවරේද;

      (v) නෝර්වේ සහ ඩෙන්මාර්ක් රටවලින් ලබා දෙන ණය මඟින් මෙම වරාය ඉදිකිරීමට හේතු කවරේද;

      (vi) එමඟින් ලැබෙන අමතර ප්‍රතිලාභ කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2021-01-08

අසන ලද්දේ

ගරු (ආචාර්ය) සුරේන් රාඝවන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පේදුරුතුඩුව ධීවර වරාය ඉදිකිරීම: ප්‍රගතිය

පිළිතුරු දුන් දිනය

2021-11-15

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කංචන විජේසේකර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks