E   |     |  

 දිනය: 2011-04-06   පිළිතුර ලබා දී ඇත 

0970/ 2011 - ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 0970/’10

      ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා,— වරාය හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—    

      (අ)         (i)‍      සුංගාවිල සිට සෝමාවතී රජමහ විහාරය  දක්වා  මාර්ගය පිළිසකර කිරීම සඳහා ගරු ජනාධිපතිතුමාගේ අනුමතිය අනුව වෙන් කර තිබූ මුදල කවරේද;

                  (ii)      එම මාර්ගය ප්‍රතිසංස්කරණය සඳහා අනුමත කළ ඇස්තමේන්තු මුදල කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) (i) එම මුදල් පාලනය කළ අධිකාරිය හෝ දෙපාර්තමේන්තුව කවරේද;

              (ii) එම මුදල් පාලනය සඳහා පත් කළ නිලධාරීන් කවරුන්ද;

              (iii) දැනට එම මුදලින් ඉහත මාර්ගයේ පිළිසකර කටයුතු සඳහා වියදම්කර තිබෙන ප්‍රමාණය කවරේද;  

              (iv) එම මුදල් පාලනයේදී අක්‍රමිකතා සිදුවී තිබේද;

             (v) එසේ නම්, ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශය සිදු කළ පරීක්ෂණයේ වාර්තාව ඉදිරිපත් කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2011-04-06

අසන ලද්දේ

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks