E   |     |  

 දිනය: 2021-03-12   පිළිතුර ලබා දී ඇත 

0938/ 2021 - ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 938/2020

      ගරු මුජිබුර් රහුමාන් මහතා,—  අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       පසුගිය රජය විසින් “ළඟම පාසල හොඳම පාසල” නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කළ බවත්;

                   (ii)       ඒ යටතේ කොළඹ අධ්‍යාපන කලාපය තුළ පිහිටි සුසමයවර්ධන විද්‍යාලය, ශාන්ත අන්තෝනි පිරිමි විදුහල, මහාබෝධි විද්‍යාලය, අනුරුද්ධ බාලිකා විදුහල, ශාන්ත අන්තෝනි බාලිකා (ප්‍රාථමික) විදුහල, මුතුවෙල්ල හින්දු විද්‍යාලය සහ මෝදර ආනන්ද විද්‍යාලය යන විද්‍යාල සංවර්ධනය කිරීම ආරම්භ කළ බවත්;

      (iii) ඒ සඳහා පසුගිය රජය විසින් මුදල් වෙන් කළ බවත්;

      එතුමා දන්නෙහිද?

       (ආ) (i) එම වැඩසටහන යටතේ කොළඹ 12-හමීඩි අල් හුසෛනි විද්‍යාලයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල්ගල තැබූ බව දන්නේද;

      (ii) ඒ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) (i) මෙම වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධනය කරන ලද පාසල් සංඛ්‍යාව කොපමණද;

      (ii) ඉහත වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ) ඉහත අ(ii)හි සඳහන් පාසල්වල ගොඩනැගිලි ඉදිකිරීම් අවසන් කිරීමට පියවර ගන්නේද  යන්නත්  එතුමා සඳහන් කරන්නෙහිද?‍

      (ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2021-03-12

අසන ලද්දේ

ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

"ළඟම පාසල හොඳම පාසල" වැඩසටහන: කොළඹ දිස්ත්‍රික්කය

පිළිතුරු දුන් දිනය

2021-11-15

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පියල් නිශාන්ත ද සිල්වා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks