පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1017/2020
ගරු ප්‍රේමලාල් ජයසේකර මහතා,— මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) “අයි-රෝඩ්” ව්‍යාපෘතිය රත්නපුර දිස්ත්‍රික්කයේ ආරම්භ කරන ලද දිනය කවරේද;
(ii) එම ව්‍යාපෘතිය මඟින් කාපට් අතුරා සංවර්ධනය කිරීමට අනුමත වූ එම දිස්ත්‍රික්කයේ මාර්ගවල දිග කොපමණද;
(iii) එම ව්‍යාපෘතිය යටතේ ගිවිසුම්ගත වූ කොන්ත්‍රාත්කරුවන් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඉහත එක් එක් කොන්ත්‍රාත්කරු විසින් සංවර්ධනය කිරීම සඳහා ගිවිසුම්ගත වූ මාර්ගවල නම් හා ඒවායේ දිග;
(ii) එම මාර්ග අතරින් මේ වනවිට සංවර්ධන කටයුතු අවසන් කර ජනතා අයිතියට පත් කර ඇති මාර්ගවල නම් හා ඒවායේ දිග;
(iii) මේ වනවිට වැඩ අවසන් කර නොමැති මාර්ගවල නම් හා ඒවායේ දිග;
වෙන් වෙන් වශයෙන් කවරේද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) වැඩ අවසන් කර නොමැති මාර්ග සංවර්ධනය කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න තවදුරටත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-03-12
අසන ලද්දේ
ගරු ප්‍රේමලාල් ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks