පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1428/2021
ගරු වඩිවේල් සුරේෂ් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වතු ආශ්‍රිතව ජීවත්වන ප්‍රජාවගේ ආගමික, සංස්කෘතික, සුභසාධන හා වෙනත් කටයුතු සඳහා භාවිතා කරනු පිණිස එවකට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ වතු ආශ්රිත ප්‍රදේශ ආවරණය වන පරිදි සංස්කෘතික මධ්‍යස්ථාන 16ක් ඉදිකිරීම සඳහා 2019 වර්ෂයේදී අනුමතිය ලබාදී ඒ සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කරන ලද බවත්;
(ii) ඒ අතරින් සංස්කෘතික මධ්‍යස්ථාන 14ක් ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු සකස් කරන ලද බවත්;
(iii) එහෙත් මේ වනවිට එම සංස්කෘතික මධ්‍යස්ථාන ඉදිකිරීමේ වැඩසටහන නතර වී තිබෙන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) උක්ත සංස්කෘතික මධ්‍යස්ථාන ඉදිකිරීමේ මූලික කටයුතු සඳහා රුපියල් මිලියන 20.5ක් බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලබා දී තිබේද;
(ii) එම සංස්කෘතික මධ්‍යස්ථාන 16 ඉදිකිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-06-08
අසන ලද්දේ
ගරු වඩිවේල් සුරේෂ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks