පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1670/’11
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පසුගිය වර්ෂයේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා පෙනී සිටි සම්පූර්ණ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් විශ්වවිද්‍යාලයන්ට ඇතුළත්වීමට සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව දිස්ත්‍රික් පදනමින් හා එක් එක් භාෂා මාධ්‍ය පදනම අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) විශ්වවිද්‍යාලවලට ඇතුළු කර ගන්නා සිසුන් සංඛ්‍යාව වැඩි කිරීම සඳහා යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට අදහස් කර තිබේද;
(iii) එසේ නම්, එම ක්‍රියාමාර්ගය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) මෙරට විශ්වවිද්‍යාල සිසුන්ට විදේශ විශ්වවිද්‍යාලවලට ඇතුළුවීම සඳහා ශිෂ්‍යත්ව ක්‍රමයක් හෝ වෙනත් ක්‍රමවේදයක් දැනට ක්‍රියාත්මක වේද;
(ii) එසේ නම්, ඒ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයන්හි ගුණාත්මක තත්ත්වය නැංවීම සඳහා දැනට ගෙන ඇති ක්‍රියාමාර්ගයන් කවරේද;
(ii) ඉදිරියේදී ගැනීමට අපේක්ෂිත ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-12-16
අසන ලද්දේ
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.
අමාත්‍යාංශය
උසස් අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks