E   |     |  

 දිනය: 2012-05-23   පිළිතුර ලබා දී ඇත 

1742/ 2012 - ගරු රවී කරුණානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1742/’11

      ගරු රවී කරුණානායක මහතා,— සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)       2010 ජූලි මාසයේ සිට මේ දක්වා වූ කාලය තුළ, එක් එක් වර්ෂයේදී හා එක් එක් මාසයේදී,

                    (i)       මුළු සහල් පරිභෝජනය සහ ඒක පුද්ගල සහල් පරිභෝජනය කොපමණද;

                   (ii)       සමස්ත දේශීය සහල් නිෂ්පාදනය සහ ඒක පුද්ගල සහල් නිෂ්පාදනය යල සහ මහ කන්නවලදී, වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) ආනයනය කළ සහල් ප්‍රමාණය කොපමණද;

      (iv) ආනයනය කළ සහල් ප්‍රමාණයේ වටිනාකම කොපමණද; සහ

      (v) සනාථ කිරීමට අවශ්‍ය සාක්‍ෂි ඉදිරිපත් කරමින් සහල් ආනයනකරුවන්ට සහ වී වගාකරුවන්ට රජය විසින් ලබා දී ඇති සැබෑ සහනාධාර ප්‍රමාණය කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) (i) 2010 සහ 2011 වර්ෂවලදී ශ්‍රී ලංකාව තුළ සහල් කිලෝවක නිෂ්පාදන වියදම කොපමණද;

      (ii) වී වගාවේ නියුතු පවුල් සංඛ්‍යාව කොපමණද; සහ

      (iii) ආනයනය කළ සහ දේශීයව නිෂ්පාදිත සහල් කිලෝවක් සඳහා පනවා ඇති සියලුම බදු (සෘජු සහ වක්‍ර) කවරේද;

      යන්න එතුමා වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2012-05-23

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

නිෂ්පාදනය සහ ආනයනය කළ සහල් : බදු

පිළිතුරු දුන් දිනය

2013-01-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks