E   |     |  

 දිනය: 2013-02-08   පිළිතුර ලබා දී ඇත 

1963/ 2013 - ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1963/’11

       

      ගරු බුද්ධික පතිරණ මහතා,— ජාතික උරුමයන් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       මාතර ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ පිහිටි, උග්ගල්බැවුල, උඩපීක්වැල්ල වර්ෂ 200ක් පමණ පැරණි ගංගාතිලක පුරාණ විහාරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්‍ෂණය කිරීම සඳහා නම් කරන ලද සිද්ධස්ථානයක් බවත්;

      (ii) එහි සියලු ගොඩනැගිලි සහ විහාර බිතු සිතුවම් විනාශවෙමින් පවතින බවත්;

      (iii) මෙම විහාරස්ථානය පිහිටා ඇති භූමියද නායයාමේ තර්ජනයකට මුහුණපා ඇති බවත්;

      (iv) එම නිසා විහාරස්ථානය පාමුලින් වැටී ඇති මාතර-වැල්ලවාය මාර්ගයේ ගමන් ගන්නා ජනතාවගේ ජීවිතවලට තර්ජනයක් ඇතිවී ඇති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) උග්ගල්බැවුල, උඩපීක්වැල්ල ගංගාතිලක විහාරස්ථානයේ බිතු සිතුවම් සහ එහි භූමිය සංරක්‍ෂණය කිරීම සඳහා සැලසුම් කර තිබේද;

      (ii) මේ වන විට ඒ සඳහා ප්‍රතිපාදන වෙන්කර තිබේද;

      (iii) එසේ නම්, වෙන්කර ඇති මුදල කොපමණද;

      (iv) මුදල් වෙන්කර තිබේ නම්, ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-02-08

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජාතික උරුමයන්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගංගාතිලක පුරාණ විහාරය : ප්‍රතිසංස්කරණය

පිළිතුරු දුන් දිනය

2013-02-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු ජගත් බාලසූරිය මහතා, පා.ම.,, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks