E   |     |  

 දිනය: 2023-05-25   පිළිතුර ලබා දී ඇත 

0386/ 2023 - ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 386/2023

      ගරු නීතීඥ වසන්ත යාපාබණ්ඩාර මහතා,— වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

      (අ)         (i)       ශ්‍රී ලංකාවට ආ‍වේණික, දුර්ලභ හා වඳවීයාමේ තර්ජනයට ලක් වී ඇති ශාක හා සත්ත්ව ජාන කොටස් නීති විරෝධී ලෙස විදේශ රටවලට රැගෙන යාමේ  යෙදෙන විදේශිකයන් සිටින බව දන්නේද;

      ‍ (ii) ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු නියම කරනු ලබන දඩ මුදල ගෙවා ඔවුන්ට පහසුවෙන්ම ශ්‍රී ලංකාවෙන්  පිටවීමට අවස්ථාව ලැබී තිබේද;

      (iii) ඔවුන් නැවත නැවත ශ්‍රී ලංකාවට පැමිණ එම කටයුත්තේ යෙදී තිබෙන අවස්ථාවන් වාර්තා වී තිබේද;

      (iv) එම කටයුත්තේ යෙදී ඇති සංවිධානාත්මක පුද්ගලයන් හඳුනා ගැනීමට කටයුතු කර තිබේද;

      යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) මෙවැනි කටයුතු මැඩපැවැත්වීම සඳහා ප්‍රමාණවත් වනජීවී නිලධාරින් සංඛ්‍යාවක් සිටින්නේද;

      (ii) නොඑසේ නම්, නිලධාරින් සංඛ්‍යාව වැඩි කරගැනීමට ක්‍රමවේදයක් තිබේද;

      (iii) ශ්‍රී ලංකාවේ වනාන්තරවල සංචාරය කරනු ලබන විදේශිකයන්ගේ ක්‍රියා කලාපය නිරීක්ෂණය කිරීම සඳහා වැඩපිළිවෙළක් තිබේද;

      (iv) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;

      යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-05-25

අසන ලද්දේ

ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

වඳවීයාමේ තර්ජනයට ලක් වී ඇති සහ ආවේණික ශාක හා සත්ව ජාන කොටස් නීති විරෝධී ලෙස ප්‍රවාහනය: වැළැක්වීම

පිළිතුරු දුන් දිනය

2023-08-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks