බලන්න

E   |     |  

 දිනය: 2023-10-06   පිළිතුර ලබා දී ඇත 

0389/ 2023 - ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 389/2023

      ගරු නීතීඥ වසන්ත යාපාබණ්ඩාර මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      මහනුවර-මාතලේ දුම්රිය මාර්ගයේ, වත්තේගම දුම්රිය ස්ථානය වෙත දෙපසින් පැමිණෙන දුම්රිය මාරු වීම සඳහා මංතීරු දෙකක් නොමැති වීම හේතුවෙන් එම දුම්රිය ස්ථානයට පැමිණෙන දුම්රිය බොහෝ වේලාවක් නවතා තබා ගැනීමට සිදු වීමෙන්  මගීන් දැඩි අපහසුතාවයකට පත් වන බව දන්නේද;

        (ii) මේ වනවිට එක් මංතීරුවකින් පමණක් සමන්විත මහනුවර-මාතලේ දුම්රිය මාර්ගය මංතීරු දෙකක් සහිත දුම්රිය මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමේ හැකියාවක් තිබේද;

      (iii) එසේ නම්, ඒ සම්බන්ධයෙන්  ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර තිබේද;

      (iv) ඒ සඳහා වැය වන පිරිවැය කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-10-06

අසන ලද්දේ

ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks