බලන්න

E   |     |  

 දිනය: 2023-11-30   පිළිතුර ලබා දී ඇත 

0390/ 2023 - ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 390/2023

      ගරු නීතීඥ වසන්ත යාපාබණ්ඩාර මහතා,— කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      1841 අංක 4 දරන අයාල ආඥා පනතේ 3(අ) වගන්තිය සහ 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනතේ 40 වගන්තිය අනුව සිඟමන් යැදීම නීති විරෝධී බවත්;

      (ii) ශ්‍රී ලංකාවේ අනෙකුත් නගරවල මෙන්ම මහනුවර නගරයේ පොදු ස්ථානවල සහ පදික ‍වේදිකාවල සිඟමන් යදින යාචකයන් දැකිය හැකි අතර ඒ අතර කුඩා දරුවන් අත දරා සිටින කාන්තාවන්ද සිටින බවත්;

        එතුමා දන්නෙහිද?

      (ආ) (i) ඉහත කාන්තාවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී තිබේද සහ එම කාන්තාවන් සමඟ සිටින දරුවන්ගේ අධික නිද්‍රාශීලී බවට හේතුව එම දරුවන්ටද මත්ද්‍රව්‍ය ලබා දී තිබීමද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කර තිබේද;

      (ii) මෙම දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබාදීමේ හැකියාවක් පවතීද;

      (iii) පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් මෙම දරුවන් සම්බන්ධයෙන් පසුවිපරම් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේද;

      (iv) යාචකයන් සඳහා නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට පියවර ගන්නේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-11-30

අසන ලද්දේ

ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks