E   |     |  

 දිනය: 2023-03-22   පිළිතුර ලබා දී ඇත 

0418/ 2023 - ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 418/2023

      ගරු ගයන්ත කරුණාතිලක මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ශ්‍රී ලංකාවේ වාර්ෂික කිරි අවශ්‍යතාවයෙන් දියර කිරිවලින් සපුරා ගනු ලබන ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස සහ ලීටර්වලින් වෙන් වෙන් වශයෙන් කොපමණද;

                  (ii)       දියර කිරි සඳහා ස්ථාවර මිලක් නියම කර තිබේද;

      (iii) පසුගිය වර්ෂ දෙකක කාලය තුළ දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ගෙන ඇති පියවර  කවරේද;

      (iv) දියර කිරි පරිභෝජනය ඉහළ නැංවීම සඳහා මේ වනවිට ගෙන ඇති පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-03-22

අසන ලද්දේ

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

දියර කිරි නිෂ්පාදනය සහ පරිභෝජනය: ඉහළ නැංවීමට ගෙන ඇති පියවර

පිළිතුරු දුන් දිනය

2023-03-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද අමරවීර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks