07

E   |     |  

 දිනය: 2023-09-07   පිළිතුර ලබා දී ඇත 

0423/ 2023 - ගරු ගයන්ත කරුණාතිලක, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 423/2023

      ගරු ගයන්ත කරුණාතිලක මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      විදුලි බිල්පත් සඳහා දැරීමට සිදුවන වියදම අඩු කිරීම සඳහා රාජ්‍ය සේවකයන් වෙනුවෙන් 2021 වර්ෂයේ අයවැය මඟින් යෝජනා කරන ලද ‘සූර්ය බල විදුලි පහසුකම් විශේෂ ණය යෝජනා ක්‍රමය’ ක්‍රියාත්මක වන්නේද;

      (ii) එසේ නම්, එම ණය යෝජනා ක්‍රමය ආරම්භ කරන ලද දිනය කවරේද;

      (iii) එම ණය යෝජනා ක්‍රමය යටතේ එක් රාජ්‍ය සේවකයෙකු සඳහා ලබා දීමට අපේක්ෂිත ණය මුදල සහ ඊට අදාළ පොලී අනුපාතය කොපමණද;

      (iv) එම ණය යෝජනා ක්‍රමය යටතේ මේ වනවිට ණය ලබා දී ඇති රාජ්‍ය  සේවකයන් සංඛ්‍යාව හා ලබා දී ඇති මුදල කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-09-07

අසන ලද්දේ

ගයන්ත කරුණාතිලක

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks