බලන්න

E   |     |  

 දිනය: 2023-04-04   පිළිතුර ලබා දී ඇත 

0431/ 2023 - ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 431/2023

      ගරු බුද්ධික පතිරණ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       මහාචාර්ය, ආචාර්ය, කලා නිධි, විද්‍යා කීර්ති, විද්‍යා ජෝති, දේශ බන්දු, දේශ කීර්ති, දේශමාන්‍ය, විශ්ව කීර්ති සහ දේශ ශක්ති ආදී එක් එක් නම්බු නාම/ගෞරව නාම/පදවි පිරිනැමීමට බලය ඇති රාජ්‍ය ආයතන වෙන් වෙන් වශයෙන් කවරේද;

      (ii) එම එක් එක් නම්බු නාමය/ගෞරව නාමය/පදවිය පිරිනැමීමේදී සලකා බලනු ලබන අධ්‍යාපන හා වෙනත් සුදුසුකම් වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iii) ඉහත සඳහන් නම්බු නාම/ගෞරව නාම/පදවිවලට අමතරව රජය විසින් පිරිනමනු ලබන වෙනත් ‍ගෞරව නාම/නම්බු නාම/පදවි තිබේද;

      (iv) එසේ නම්, ඒවා පිරිනමනු ලබන ආයතන කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) නම්බු නාම/ගෞරව නාම/පදවි පිරිනමනු ලබන ශ්‍රී ලංකාවේ පෞද්ගලික ආයතන/සංවිධාන කවරේද;

      (ii) එම එක් එක් ආයතනය/සංවිධානය විසින් පිරිනමනු ලබන නම්බු නාම/ගෞරව නාම/පදවි වෙන් වෙන් වශයෙන් කවරේද;

       

      (iii) එම ආයතන/සංවිධාන නියාමනය කිරීම සඳහා  රජයේ ක්‍රමවේදයක් තිබේද;

      (iv) එසේ නම්, එම ක්‍රමවේදය කවරේද;

      (v) ගෞරව නාම/නම්බු නාම/පදවි පිරිනැමීමෙන් පසු එම පුද්ගලයන් සම්බන්ධයෙන් පසු විපරම් කිරීමේ ක්‍රමවේදයක් තිබේද;

      (vi) එසේ නම්, එම ක්‍රමවේදය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

       (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-04-04

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගෞරව නාම පිරිනැමීම සඳහා අවසර දී ඇති ආයතන: විස්තර

පිළිතුරු දුන් දිනය

2023-08-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks