E   |     |  

 දිනය: 2012-01-19   පිළිතුර ලබා දී ඇත 

2077/ 2012 - ගරු අබ්දුල් හලීම් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2077/’11

       

      ගරු අබ්දුල් හලීම් මහතා,— ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      1980 වර්ෂයේදී පින්ලන්ත ආධාර මත ආරම්භ කළ ජල යෝජනා ක්‍රමය මගින් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ප්‍රාදේශීය ලේකම්     කොට්ඨාසයේ බොහෝ ගම්මානවලට පානීය ජල පහසුකම ලැබී ඇති බවත්;

      (ii) එසේ වුවත්, අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලවතුගොඩ ප්‍රදේශයට පමණක් සති දෙකකට වරක් පැය කීපයකට සීමාකර පානීය ජලය සපයන බවත්;

      (iii) තවද එම කොට්ඨාසය තුළ පිහිටි අලවතුගොඩ නගරය ඇතුළුව කැන්දගොල්ල, බලකඩුව, සයිස්ටන් පෙදෙස, නාගහපිටිය, වෙන්දේසි වත්ත, හිපිටිය, දෙල්ගස්ගොඩ, අ‍රඹේපොල හා මාවතුපොල යන ගම්වල ජනතාව උග්‍ර පානීය ජල ප්‍රශ්නයකට මුහුණ දී ඇති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) මහවැලි ජලය මගින් මේ වන විට දෛනිකව පැය 24 පුරාම අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බොහෝ ගම්මානවලට ජල සැපයුම ලබාදී ඇති බැවින් එම පහසුකම ඉහත ප්‍රදේශවලට ද ලබාදීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන‍්නෙහිද?

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2012-01-19

අසන ලද්දේ

ගරු අබ්දුල් හලීම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජලසම්පාදන හා ජලාපවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks