E   |     |  

 දිනය: 2012-01-20   පිළිතුර ලබා දී ඇත 

2078/ 2012 - ගරු අබ්දුල් හලීම් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2078/’11

       

      ගරු අබ්දුල් හලීම් මහතා,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)      මහනුවර දිස්ත්‍රික්කයේ, අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස කටයුතු කරන ඒ. එච්. එම්. නසීර් මහතා 2012 ජනවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර ඇති බව එතුමා දන්නෙහිද?

      (ආ)     ද්‍රවිඩ භාෂාව ව්‍යවහාර කරන මුස්ලිම් හා දෙමළ බහුතර ජනතාවක් (68%) වාසය කරන අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ද්‍රවිඩ භාෂාවෙන් රාජකාරි කළ හැකි ප්‍රාදේශිය ලේකම්වරයෙකු පත් කිරීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2012-01-20

අසන ලද්දේ

ගරු අබ්දුල් හලීම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks