E   |     |  

 දිනය: 2012-01-20   පිළිතුර ලබා දී ඇත 

2079/ 2012 - ගරු අබ්දුල් හලීම් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2079/’11

       

      ගරු අබ්දුල් හලීම් මහතා,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       මහනුවර දිස්ත්‍රික්කයේ, අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි ග්‍රාම නිලධාරි වසම් 35 අතරින් කොට්ඨාස 20 කම වසන ජනතාවගෙන් බහුතරයක්(95%) ද්‍රවිඩ භාෂාව ව්‍යවහාර කරන බවත්;

      (ii) එහෙත් එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සේවය කරනුයේ ද්‍රවිඩ භාෂාවෙන් රාජකාරී කළහැකි ග්‍රාම නිලධාරීන් 6 දෙනෙකු පමණක් බවත්;

      (iii) මේ වන විට අදාළ කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි පුරප්පාඩු 5 ක් පවතින බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) ඉහත සඳහන් ග්‍රාම නිලධාරී තනතුරු පුරප්පාඩු පිරවීමට කටයුතු කරන්නේද;

      (ii) නව ග්‍රාම නිලධාරී පත්වීම් ලබාදීමේදී ද්‍රවිඩ භාෂාවෙන් රාජකාරී කළ හැකි නිලධාරීන් අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට බඳවා ගැනීමටත් අදාළ   ග්‍රාම නිලධාරී වසම්වලට අනුයුක්ත කිරීමටත්  කටයුතු කරන්නේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2012-01-20

අසන ලද්දේ

ගරු අබ්දුල් හලීම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks