පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
816/2023
ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා,— මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2022.05.09 වන දින ශ්‍රී ලංකාවේ පැවති කලබලකාරි අවස්ථාවේදී තම වගකීම පැහැර හරින ලද පොලිස් නිලධාරින් සංඛ්‍යාව එක් එක් තනතුර අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම නිලධාරින්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
(iii) ඉහත දින හා ඊට ආසන්න මාස කිහිපය තුළ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ඇතුළු පොලිස් නිලධාරින් කිහිපදෙනෙකුට ප්‍රසිද්ධියේ හිරිහැර කරමින් හා රාජකාරියට බාධා කරමින් ප්‍රකෝපකාරි ලෙස හැසිරුණු පුද්ගලයන් සිටින බව පිළිගන්නේද;
(iv) මේ වනවිට එම පුද්ගලයන් හඳුනාගෙන තිබේද;
(v) එසේ නම්, ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2022.05.09 දින ඇති වූ කලබලකාරි තත්ත්වය මධ්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඝාතනයට ලක් වූ බව දන්නේද;
(ii) එම ඝාතනයට සම්බන්ධ වූ පුද්ගලයන් හඳුනාගෙන තිබේද;
(iii) එසේ නම්, එම පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
(iv) ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කර තිබේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-03-22
අසන ලද්දේ
ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks