E   |     |  

 පිළිතුර ලබා දී නැත 

0853/ 2023 - ගරු ගාමිණී වලේබොඩ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 853/2023

      ගරු ගාමිණී වලේබොඩ මහතා,— මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය අනුව පළාත් සභා වෙත පොලිස් බලතල පැවරිය යුතු බවට වර්තමාන රජයේ ප්‍රධානීන් ප්‍රකාශ කර ඇති බව දන්නේද;

      (ii) මේ වනවිට මධ්‍යම ආණ්ඩුව සතුව පවතින පොලිස් බලතල, පළාත් සභා වෙත පැවරීම සඳහා සැලැසුම් කර තිබේද;

      (iii) ඒ හේතුවෙන් මේ වනවිට ශ්‍රී ලංකා පොලීසිය සහ ඊට අදාළ අනෙකුත් ආයතන සඳහා වැය කරනු ලබන වියදම් සංශෝධනය වන්නේද;

      (iv) එසේ නම්, එම සංශෝධනය වන මුදල කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) පළාත් සභා වෙත පොලිස් බලතල ලබා දීමෙන් මේ වනවිට පවතින ශ්‍රී ලංකා පොලිසියේ බඳවාගැනීමේ පටිපාටියේ සිදු වන වෙනස්කම් කවරේද;

      (ii) පළාත් සභා වෙත පොලිස් බලතල ලබා දීමෙන් අවි ආයුධ මිලදී ගැනීමේ බලතල සෘජුවම පළාත් පොලිසි වෙත හිමිවේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-09-08

අසන ලද්දේ

ගරු ගාමිණී වලේබොඩ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks