E   |     |  

 දිනය: 2023-08-23   පිළිතුර ලබා දී ඇත 

0861/ 2023 - ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 861/2023

      ගරු නීතීඥ රවුෆ් හකීම් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       “කොවිඩ් - 19 රෝගීන් ලෙස සැක කෙරෙන සහ තහවුරු කරන ලද රෝගීන් පිළිබඳ තාවකාලික සායනික පිළිවෙත් මෙහෙයුම් නිර්ණායක” නමැති ප්‍රකාශනය පිළිබඳව එතුමා දන්නේද;

                  (ii)       මෙම ප්‍රකාශනයේ  අන්තර්ගතය සහ නිර්දේශ සඳහා දායක වූ විද්වතුන්ගේ නම් කවරේද;

      (iii) ඔවුන් විශේෂඥ සම්පත් දායකයන් ලෙස සේවය කරන අවස්ථාවේ ඔවුන්ගේ තනතුරු සහ අනුබද්ධව සිටි ආයතන කවරේද;

      (iv) ඔවුන් පත්කිරීම සම්බන්ධයෙන් වගකීම දරන ලද අධිකාරිය කවරේද;

      (v) ඔවුන් තෝරාගැනීම සඳහා අනුගමනය කරන ලද නිර්ණායක/පදනම කවරේද?

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) ඉහත ප්‍රකාශනයේ 7 වැනි වගන්තිය පිළිබඳ එතුමා දන්නේද;

      (ii) 7 වැනි වගන්තියේ අන්තර්ගතය සහ නිර්දේශ සම්බන්ධයෙන් වගකීම දරන විශේෂිත විද්වත් සම්පත් දායකයන්ගේ නම් කවරේද;

      (iii) 7 වැනි වගන්තියේ අන්තර්ගතය සහ  නිර්දේශ සකස් කිරීම සඳහා යොදාගත් ක්‍රියාපිළිවෙළ, ලිපි ලේඛන සහ මූලාශ්‍රකොට ගත් ලේඛන වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iv) 7 වැනි වගන්ති‍යේ සඳහන් නිර්දේශ  දේශීය හෝ  අන්තර්ජාතික වෛද්‍ය ආචාර ධර්ම ක්ෂේත්‍රයේ සහ වෛද්‍ය මානව විද්‍යා ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ වෘත්තිමය මතවාදයන් සඳහා යොමුකර තිබේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම් ඒ මන්ද?

අසන ලද දිනය

2023-08-23

අසන ලද්දේ

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

"කොවිඩ් - 19 රෝගීන් ලෙස සැක කෙරෙන සහ තහවුරු කරන ලද රෝගීන් පිළිබඳ තාවකාලික සායනික පිළිවෙත් මෙහෙයුම් නිර්ණායක" නැමැති ප්‍රකාශනය: විශේෂඥ සම්පත් දායකයන්

පිළිතුරු දුන් දිනය

2023-08-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කෙහෙලිය රඹුක්වැල්ල, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks