E   |     |  

 දිනය: 2023-11-21   පිළිතුර ලබා දී ඇත 

0875/ 2023 - ගරු රෝහණ බංඩාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 875/2023

      ගරු රෝහණ බංඩාර මහතා,— කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති රජයේ වී ගබඩා මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;

                   (ii)      එම එක් එක් ගබඩාවේ මේ වනවිට ගබඩා කර ඇති වී ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) මේ වනවිට වී අස්වැන්න නෙලීම ආරම්භ කර ඇති බැවින්, එම වී තොග සඳහා ඉහත ගබඩාවල ඉඩ පහසුකම් ලබා දීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-11-21

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

රජයේ වී ගබඩා මධ්‍යස්ථාන: අනුරාධපුර දිස්ත්‍රික්කය

පිළිතුරු දුන් දිනය

2023-11-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද අමරවීර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks