පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1296/2023
ගරු අලි සබ්රි රහීම් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) විශ්‍රාම වැටුප් අංක 01-802666 හිමි එම්. නයිමුල්ලාහ් මහතාට, 2021.12.31 දිනැති සංශෝධිත විශ්‍රාම වැටුප් ප්‍රදාන පත්‍රයට අනුව හිමි විය යුතු මාසික විශ්‍රාම වැටුප රු. 31,833.33 ක් බව දන්නේද;
(ii) එසේ නම්, එම විශ්‍රාම වැටුප ඒ මහතාට අවසන් වරට ගෙවන ලද දිනය කවරේද;
(iii) එලෙස ගෙවා නොමැති නම්, එයට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් අමතන ලද අංක වි.වැ.ගි. 36/202 හා 2022.10.30 දිනැති ලිපියේ 3 වන ඡේදයේ සඳහන් පරිදි විශ්‍රාම වැටුප ලබා දීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනතෙක් නොගැනීමට හේතු කවරේද;
(ii) හිඟ වැටුප් සහ දීමනා සමඟ ඉහත (අ)(i) හි සඳහන් විශ්‍රාම වැටුප නයිමුල්ලාහ් මහතාට ගෙවනු ලබන දිනය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-03-07
අසන ලද්දේ
ගරු අලි සබ්රි රහීම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks