පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2154/’11
ගරු දයාසිරි ජයසේකර මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2005 සිට මේ දක්වා ශ‍්‍රී ලංකා තේ මණ්ඩලය ලැබූ ලාභය හෝ අලාභය වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) මේ වනවිට තේ මණ්ඩලයේ සිටින සේවක සංඛ්‍යාව කොපමණද;
(iii) ඔවුන්ගේ වැටුප් ගෙවීම සඳහා මාසිකව වැය වන මුදල කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) එම ආයතනය පවත්වාගෙන යනු ලබන ස්ථානයේ ලිපිනය කවරේද;
(ii) එම ස්ථානය ස්ථිර, බදු හෝ කුලී පදනම මත ලබාගෙන තිබේද;
(iii) එසේ නම්, එම ස්ථානය සඳහා මාසිකව හෝ වාර්ෂිකව ගෙවනු ලබන කුලී මුදල කොපමණද:
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ශ්‍රී ලංකා තේ මණ්ඩලය සතු වත්කම් කවරේද;
(ii) මේ වනවිට එම ආයතනය පාඩු ලබන්නේ නම්, එයට හේතු කවරේද;
(iii) එම ආයතනය බදු දීමට හෝ විකුණා දැමීමට හෝ කටයුතු කරන්නේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-12
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ශ්රී ලංකා තේ මණ්ඩලය : ලාභය / අලාභය
පිළිතුරු දුන් දිනය
2012-11-12
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද සමරසිංහ, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks