E   |     |  

 දිනය: 2012-11-15   පිළිතුර ලබා දී ඇත 

2159/ 2012 - ගරු දයාසිරි ජයසේකර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2159/’11

       

      ගරු දයාසිරි ජයසේකර මහතා,— රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව යටතේ පාලනය වන වතු සංඛ්‍යාව කොපමණද;

                  (ii)       එම එක් එක් වත්තේ සේවය කරන සේවක සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) (i) ඉහත සේවකයින් වෙනුවෙන් මසක දී සේවක අර්ථසාධක අරමුදලට බැර කළ යුතු මුදල කොපමණද;

      (ii) ඒ අනුව මේ වනවිට සේවක අර්ථසාධක අරමුදලෙහි තැන්පත් කර ඇති මුදල කොපමණද;

      (iii) නිසි පරිදි එකී අර්ථසාධක මුදල් තැන්පත් කිරීම් සිදුකර නොමැති නම්, එක් එක් වත්ත අනුව ගෙවීමට ඇති හිඟ මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iv) සමස්ත හිඟ මුදල කොපමණද;

      (v) ඉහත හිඟ මුදල කවර කටයුත්තක් සඳහා යොදවා තිබේද;

      (vi) එම හිඟය පියවන දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2012-11-15

අසන ලද්දේ

ගරු දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

වතු සේවක අර්ථ සාධක අරමුදල් : හිඟ මුදල

පිළිතුරු දුන් දිනය

2012-11-15

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු දයාශ්‍රිත තිසේරා මහතා, පා.ම.,, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks