E   |     |  

 දිනය: 2023-07-19   පිළිතුර ලබා දී ඇත 

1462/ 2023 - ගරු මායාදුන්න චින්තක අමල් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1462/2023

       ගරු මායාදුන්න චින්තක අමල් මහතා,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුමත සේවක සංඛ්‍යාව කොපමණද;

                  (ii)      සුරාබදු දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන එම දෙපාර්තමේන්තුවට අයත් සේවකයන් සංඛ්‍යාව සහ ඒකාබද්ධ සේවයට අයත් සේවකයන් සංඛ්‍යාව  වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) සුරාබදු දෙපාර්තමේන්තුවට අයත් විධායක ශ්‍රේණියේ නිලධාරින්ට, විධායක ශ්‍රේණියේ නොවන නිලධාරින්ට සහ කණිෂ්ඨ සේවකයන්ට ගෙවනු ලබන මාසික වැටුප් හා දීමනා එක් එක් තනතුර  අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iv) ඒකාබද්ධ සේවයට අයත් විධායක ශ්‍රේණියේ නිලධාරින්ට, විධායක ශ්‍රේණියේ නොවන නිලධාරින්ට සහ කණිෂ්ඨ සේවකයන්ට ගෙවනු ලබන මාසික වැටුප් හා දීමනා එක් එක් තනතුර  අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-07-19

අසන ලද්දේ

ගරු මායාදුන්න චින්තක අමල් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සුරාබදු දෙපාර්තමේන්තුවේ සේවකයන්: වැටුප් හා දීමනා

පිළිතුරු දුන් දිනය

2023-10-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශෙහාන් සේමසිංහ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks