E   |     |  

 දිනය: 2023-11-23   පිළිතුර ලබා දී ඇත 

1588/ 2023 - ගරු සංජීව එදිරිමාන්න මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1588/2023

      ගරු සංජීව එදිරිමාන්න මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       රජයේ සේවකයන් විශ්‍රාම හිමිකම් ලබා ගැනීම සඳහා අදාළ අයදුම්පත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට පෙර ඔවුන් සේවය කර ඇති පෙර සේවා ස්ථානවලදී වැන්දඹු හා අනත්දරු දායක මුදල් අය කර ගෙන ඇති බවට සහතික කළ යුතු බව චක්‍රලේඛයක් මඟින් දන්වා ඇති බවත්;

      (ii) ඒ හේතුවෙන් විශ්‍රාමික රජයේ සේවකයන් විශාල පිරිසකට සිය විශ්‍රාම හිමිකම් ලබා ගැනීමට නොහැකි වී ඇති බවත්;

      (iii) සමහර රජයේ සේවකයන් සේවය කරන ලද පෙර සේවා ස්ථාන මේ වනවිටත් අහෝසි වී ඇති බැවින් ඉහත චක්‍රලේඛයේ පරිදි පෙර සේවා ස්ථානවලින් ලබා ගත යුතු සහතික ලබා ගැනීමට නොහැකි වී ඇති බවත්;

      එතුමා පිළිගන්නෙහිද?

      (ආ) 1980 වර්ෂයෙන් පසු සියලුම කාන්තා සහ පිරිමි රජයේ සේවකයන් වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක විය යුතු බැවින් එම සේවකයන්ගේ මුල් වැටුපේ සිට දායක මුදල් අය කරනු ලබන හෙයින් ඉහත (අ) (i)හි පරිදි නැවතත් සහතික කිරීම් අවශ්‍ය වන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-11-23

අසන ලද්දේ

ගරු සංජීව එදිරිමාන්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම හිමිකම් ලබා දීම: W&OP දායකත්ව සහතිකය

පිළිතුරු දුන් දිනය

2023-11-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අශෝක ප්‍රියන්ත, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks