E   |     |  

 දිනය: 2023-03-24   පිළිතුර ලබා දී ඇත 

1616/ 2023 - ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1616/2023

      ගරු තිස්ස අත්තනායක මහතා,—  වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

      (අ)         (i)      වර්ෂ 1996 දී අංක 947/13 දරන ගැසට් පත්‍රය මඟින් අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මුතුරාජවෙල අභයභූමියේ මායිම් මේ දක්වා සලකුණු කර නොමැති ‍නම්, ඊට හේතු කවරේද;

                   (ii)      ඉහත අභයභූමිය තුළ පවතින රජයේ හා පුද්ගලික ඉඩම් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් හඳුනාගැනීමට මේ දක්වා ක්‍රියා‍ කර නොමැති නම්, ඊට හේතු කවරේද;

      යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) රජයේ සිතියම් අනුව හඳුනාගෙන ඇති සහ මධ්‍යම පරිසර අධිකාරිය විසින් හඳුනාගෙන ඇති ඉහත අභයභූමියට අයත් ඉඩම් ප්‍රමාණය  හෙක්ටයාරවලින්  වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (ii) රජයේ සිතියම් අනුව හඳුනාගෙන ඇති ඉඩම් ප්‍රමාණය සහ මධ්‍යම පරිසර අධිකාරිය විසින් හඳුනාගෙන ඇති ඉඩම් ප්‍රමාණය අතර පරස්පරතාවයක් ඇති වීමට හේතු කවරේද;

      යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-03-24

අසන ලද්දේ

ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මුතුරාජවෙල අභය භූමියේ රජයේ සහ පෞද්ගලික ඉඩම්: හඳුනාගැනීම

පිළිතුරු දුන් දිනය

2023-06-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks